පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ 251 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි මාර කිරිලිපන කනිෂ්ඨ විද්‍යාලයේ වර්ෂ 1956 දීආරම්භ වූ පාසලක් ලෙස කොටපොල ඌරුබොක්ක මාර්ගයේ කිරිලිපන කඩපල අසලින් මොලොග්ගමුව කිරිලිපන මාර්ගයේ මීටර් 150ක් පමණ දුරකින් කිරිවාන ගඟ රජයේ වතුයාය ආසන්නයේ පිහිටි පාසලකි.ආරම්භයේ දී තනි ගොඩනැඟිල්ලකට සීමා වී සීමාවී කොටපොල ඌරුබොක්ක මාර්ගයේ කිරිලිපන කඩ පළ අසල සිට මීටර් සීයකට නුදුරින් පල අසල සිට මීටර් සීයකට නුදුරින් කොටපොල දෙසට වන්නට ප්‍රධාන මාර්ගයට මායිම්ව පිහිටි විද්‍යාලය ගොඩනැඟිලි ඉදි කිරීමට තරම් ප්‍රමාණවත් ඉඩකඩක් නො තිබීම හේතුකොටගෙන 1982 1.1 දින එවකට විදුහල්පති ලෙස සේවය කළ එම් කුමාරදාස මහතාගේ පූර්ණ මැදිහත් වීමෙන් කිරිවාන ගඟ රාජ වතුයායට අයත් අක්්‍ය වතුයායට අයත් අක්කර දෙකක පමණ බිම්කඩක් රජයට පවරා ගෙන වර්තමානය පිහිටි ස්ථානයේ ගොඩනැගිල්ලක් ඉදි කොට පාසල පුළුල් කරනු ලැබීය.ඒ වන විට ප්‍රාථමික අංශය පැරණි භූමියේ ද ද්විතීක අංශය වර්තමාන පාසල පිහිටි ස්ථානයේ ද ස්ථාපිත කරනු ලැබීය. විද්‍යාලයේ පෝෂක ප්‍රදේශය වශයෙන් කිරිලිපන ග්‍රාම නිලධාරී වසමට අයත් කිරිලිපන උඩනාගොඩ වසමට අයත් කිරිලිපන,උඩනාගොඩ පල්ලෙ ගම්ගොඩ,ගුලනහේන, කළුකාල, විල්පිට යන උප ගම්මානයන්ද මොරගල ග්‍රාම නිලධාරී වසමට අයත් මොරගල දිවියගලහේන පොත්දෙනිය මොළොගගමුව ග්‍රාම නිලධාරී වසම් කිරිවාන ගඟ වතුයාය යන ප්‍රදේශ අයත් ය.
ඉහත කී ප්‍රදේශකිහිපයක දරුවන්ට ඉගෙනීමට ඇති එකම පාසල මෙම පාසල වන අතර මොරගල ,මොළොග්ගමුව ග්‍රාම නිලධාරී වසම් වල දරුවන් ද මෙම පාසල ද්විතීක අධ්‍යාපනය ලැබීමේ පාසල බවට පත්ව ඇත. බී වාර්ගික ජනතාවක් වාසය කරන කිරිලිපන ග්‍රාම නිලධාරී වසම තුළ වතු ජනාවාස ආශ්‍රිතව ජීවත්වන ද්‍රවිඩ ජනතාවගේ දරුවන්ට ඉගෙනුම ලබන්නට තිබෙන එකම පාසල මෙය වීම තවත් වැදගත් කමකි. කෝන්ගහදෙනිය කනිෂ්ඨ විද්‍යාලයේ 5 ශ්‍රේණියෙන් පසු 6 ශ්‍රේණියට ඇතුලත් වන දරුවන්ගෙන් සියයට අසූවක් පමණ සිසුන් මෙම පාසලෙන් ශිල්ප හදාරති.
- Home
- අපේ පාසල ගැන
- ඉතිහාසය සහ සම්ප්‍රදායන්
- ඉතිහාසය