කිරිලිපන ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සාදා ආණ්ඩුවට භාරදෙන ලද මෙම පාඨශාලාව මාතර දිසාපති බී.ජී.වී.ඒ.ජේ.වී. සේනාරත්න මහතා මෙදින සවස 3.00 ට විවෘත කළ අතර දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඇමති වික්ටර් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල විවෘත කිරීමේ උත්සව සභාව පවත්වන ලදි. මෙම පාඨශාලා ගොඩනැගිල්ල තැනීමේදී මූලිකව ක්‍රියාකළ ඇඩ්වඩ් ගුණතිලක බී.විජයරත්න හා කේ.ජී.ඇස්.විජයවික්‍රම යන මහතුන් ඇතුළු ගම්වාසීන් ස්තුති කළේය. එදින රාත්‍රී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පවත්වා පසුවදා මහා සංඝයා විෂයෙහි සාංගික දානයක්ද පිරිනමන ලදි. මෙම උත්සවයද ග්‍රාම සංවර්ධන සමිතිය විසින් සංවිධානය කරන ලදි. එදින ළමුන් 49 ක් භාර ගන්නා ලදි.